ජේසු සමිඳුනේ

දෙරණේ අඳුරු දුරු කළ දෙවි සඳ                පාන
සරණේ නුඹයි සැම වෙත සෙනෙහස          ගේන
වරුණේ කුමට ඔබ මිනිසෙකි                    අසමාන
අරුණේ ඔබ වෙතයි හද ඇසි දිසි                මාන

ජීවිතය සිඳෙන වැහැරෙන අග හිඟය           මත
මාවත තනන විට ඇතිමුත් බත                   බුලත
සාගත වසංගත මැද හෙලු සෙනෙහෙ          පෙත
භාවිත නුඹගෙ සිහිලල උනි                       අපරිමිත

ගවලෙන, පිදුරු ගොඩ, රජ මැදුරට             සමය
දෙව් දියෙහිම තිබිය යුතු මිනිසත්                කමය
පෙන්වන්නට සැමට මේ පූජිත                   ගුණය
දුප්පත් පැළක ඔබ ලෝකෙට බිහි               උනය

හදවත් හඬන ඉකිලන ජීවිත                      මැද්දෙන්
පිළිවෙත් පුරන ඔබෙ ගුණ කඳ මතු             වෙද්දෙන්
හිතවත් බවක සුමියුරු තෙපුලැළි               සද්දෙන්
බලවත් සුරිඳ ඔබෙ ධර්මය                        පැතිරෙද්දෙන්

 

ලංකා සුභාෂිනි – බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook