1918 මාර්තු මස 01 වන දින ලත්පදුර උපත ලැබූ ඩන්කන් වයිට් මහතා මෙලොවින් සමුගත්තේ 1998 ජුලි මස තෙවැනි දින වෝවික්ෂයර්හි දීය. ඔලිම්පික් තරගාවලියක දී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා වන්නේ මොහුය. මීටර් 400 කඩුළු මතින් දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් සමත් වූයේ 1948 වර්ෂයේ ලන්ඩනයේ පවත්වනු ලැබූ “ගිම්හාන ඔලිම්පික්” තරගාවලියේදීය.
කළුතරට නුදුරු ග්‍රාමයක් වූ ලත්පඳුර ඩන්කන් වයිට්ගේ මහතාගේ උපන් ගමයි. එකවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අතර ඩන්කන් වයිට්, ජෝන් බර්නාර්ඩ් වයිට් සහ සෙසලිසා හෝක් වයිට් යන ඉංග්‍රීසි මවුපියන්ට දාව උපන් දරුවන් සිව්දෙනාගෙන් දෙවැන්නා ය. නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම එහිදී “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. නමුත් සුළු විනය ගැටලුවක් හේතුවෙන් පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය.
ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා දෙකම එකම වර්ෂයක සිදුවීම සුවිශේෂ වේ. එම ඔලිම්පික් තරගාවලියේ එම අංශයෙන් රන් පදක්කම දිනූ රෝයි කොව්රන් නැමැත්තා වසර හතරක් පුරා ඒ සඳහා පුහුණුවීම් කර තිබුණ ද ඩන්කන් වයිට් තම පුහුණුවීම් සඳහා යොදා ගත් කාලය මාස 3 කට ආසන්න වේ. වයිට් මෙම තරගය සඳහා ගතකර තිබූ කාලය තත්පර 51.8 ක් වන අතර ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා ඔහු සිටියේ තත්පර 0.7 ක් පසුපසිනි. ඒත් සුළු වෙනස ද මෙම ඔලිම්පික් තරගාවලියේ සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.
ඔලිම්පික් ජයග්රහණයෙන් පසුව වයිට් මහතාව ත්‍රිත්ව විද්‍යාලය මගින් පවත්වනු ලැබූ උළෙලකින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ඔහුට අහිමිව ගිය “ට්‍රිනිටි ලයන්” යන ගෞරව සම්මානය නැවත වතාවක් එහිදී පිරිනැමුණි. එකී අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කතා කළ වයිට් ම්හතා කියා සිටියේ “මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක් වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන් පිළගත් බවත්” ය.
ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වූයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි. 1998 එංගලන්තයේ වෝර්වික්ෂයර්හි දී ඩන්කන් වයිට් මහතා මෙලොවින් සමුගත්තේය.