හිරුට පෙර නෙතු පියන් ඇර හිරු කිරණ අතරින් සිනාසී
කිරට හඬන දරු පැටව් සතපවා ලෙය කිරි කර නිසි
ගතට වෙහෙසක් දැනුණ’මුත් දැඩි කරන් සිත ආහාර පිසී
සිතට මවගේ දැනෙන දුක් කඳ නිවීමට පොදු වැසි වසී
ගුණෙන් කරුණා දවයි සිත නිති මහා සයුරත් පරදවා
ගිලන් වූ විට අසල දැවටෙන ශෝකයෙන් හද දොවා
සුවෙන් උණුසුම ලබන්නට ඔබේ උකුල් තලයේ මා හොවා
මුවෙන් ගැයු නැළවිල්ල මතකයි සප්ත ස්වරයේ රස කවා
අඳුර හැර අහසේ නැගී එන හිරු දෙවිඳු අම්මේ ඔබයි
පතුරවන්නට ඔබේ ගුණ කඳ මඳනල ගී ගයයි
තිමිර අතරින් සියපතක පෙති විහිදුණේ ඔබේ පින නිසයි
සසර වසනා තුරුම අම්මේ මා ඔබේ සුදු දියණියයි
M.D. වත්සලා ප්‍රබෝධනි