සුබ උදෑසනක්

නිස්සාර ඇසිල්ලක
                මල් පිපෙන උදෑසන

ලස්සනට පාටවෙන
            හීන මහ ගොඩක් ඇත

නොකියාම කාටවත්
           නතියෙන්ම මවාගත්

හංගාපු සිනාවෙත්
          තියෙනවා කතාවක්

කඳුළකට වඩා බර
          සිනාවලු දන්නවද

එකමයි හිතම බර
        සිනාවන් දකින කල

දිනක එයි වසත් කල
      දුක් නුඹව අත්හරින

අන්න ඒ වෙනකම්ම
     මෙහෙම ඉමු අත් හැර

අයේෂා ලක්මාලි – බ්‍රැන්ඩික්ස්  මීරිගම  ආයතනය

Facebook