මව්පිය සෙනෙහස

මව්පිය සෙනෙහස

දස මසක් පුරා කුසේ දරා ආලෝකය මට                 පෙන්වූ
ලෙයින් කිරත් වෙන් කරවා මගේ කුස ගිනි               නිවපූ
ගිනි ගොඩක් හිතේ හිර කරගෙන මට සිසිලස           මවපූ
අම්මේ නුඹයි මතු බුදුවන අප සම්බුදු                       සමිඳු
 
දුක් කරදර තම හිස මත කර පින්නා                       සිනාසුනූ
පීඩාව දැනුනත් ඒ බව ලොවට සඟවා                      උන්නූ
දරුවන්ගේ හෙට දවස තකා අව් වැසි                       නොතැකූ
නුඹ රජුයි මගේ ආදර ලොව කිරුළු                         දැරූ
 
මව් පිය සෙනෙහසට කවි ගී ලියවිලා                      මදී
අම්මාගේ ආදරේ ලොව කිසිවෙකු ළඟ                    නොමැතී
තාත්තාගේ රැකවරණය කාටද ලොව දෙන්න           හැකී
මව්පියෝ රැකගනින් දරුවනි නිවනට ඒ පිනම          ඇතී
 

ශාන්ති

Facebook