පුතු ආයෙමත් ඇවිත්

දුරුත්තේ නුඹ ඇවිත්
ගිහින් ටික දොහයිනේ
මේ තරම් ඉක්මනට
ආයෙමත් නුඹ ඇවිත්
දෝර ගලන සතුට
සිත පතුලේ තද කරන්
මොණරියක් ලෙසින් මා
හිනැහුනා සත්තකින්
ආයෙමත් නුඹ ඇවිත්
මා බලන්නට කියා
ඊයේ රෑ සිහිනෙන්
මා දුටුව සුබ සිහින
මේ තරම් ඉක්මනට
සැබෑවී දැයි සිතින
ඉතින් ඇති නුඹ
ඔතන කල් ගෙව්වා
අඩුම කුඩුමත් එපා
නුඹ එන්න අපි ළඟට
නුඹ කිව්වේ මට ඇහුනේ
සිහිනයෙන් නෙමේ වත්ද
පොඩි වුන් මට නැතිව
අඬනවා වෙන්න ඇති
නුඹ පියව සෙනෙහසින්
මාව සොයනවා ඇති
පමා වුව මන්ද
දොරට ගහනවා කවුද
තෑගි මල්ලක් අතැති
බාලිකාවක් මන්ද
දොර මුල්ලේ සැඟවුනිද
දෑත රැඳි තෑගි ටික
මගේ අතේ තියෙනවා
හදිස්සියේ පුතු ඇවිත්
ගියා යැයි කියනවා
සිනා රැඳි මුවින් ඈ
මගේ දෙස බලනවා
මගේ පුතුට
වැඩ අධික
බවත් මට හැඟෙනවා

නෙරංජි දිසානායක බ්‍රැන්ඩික්ස් වැලිසර  ආයතනය

Facebook