සතුට

සිනහ පොදියක් දෝතින්ම ගෙන
විටෙක නුඹ මට උරුම කෙරුවා

සිනහ පමණක් උරුමයැයි මා
කඳුළු එනතුරු සිනහ වූවා

රුදුරු දළ රළ නැගෙන අයුරින්
උහුලන්න බැරි දුකක් දැනුනා

සතුට නුඹ ළඟ සෙවණැල්ල මෙන්
දුකද ඇති බව මතක් කෙරුවා

යළිඳු කවදා සතුට ඒවිද?
සතුට නුඹ අරුමයකි සැමදා

විහඟි වන්නිනායක – බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය

Facebook