දිනෙන් දින දිගුවන බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරය සුරත

දිනෙන් දින දිගුවන බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරය සුරත

විරුවෙක් එහෙමත් නැත්නම් වීරයෙක් කියන්නේ සිය ජීවිතය පවා පරදුවට තබමින් අන්‍යන්ගේ සුබ සිද්ධිය උදෙසා සටන් වදින්නෙකුට. ‌ලංකා ඉතිහාසයේ විරුවන් පිළිබඳව අධ්‍යයනය කරනවිට විවිධාකාරයේ වීරවරයින් පිළිබඳව අසන්නට දකින්ට ලැබෙනවා. ජාතික වීරයින්, නිදහස් සටනේ විරුවන්, රණවිරුවන් ආදී ලෙසින් හඳුන්වන මෙම විරුවන් අතර මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන්නේ සුව විරුවන් පිළිබඳවයි.

දිනෙන් දින අලුත්වන, වෙනස්වන මෙන්ම දරුණුවන කොරෝනා වසංගතය හමු‌වේ සිය ජීවිත පවා අවධානමකට ලක්කරමින් දිවා රෑ නොබලා අපරිමිත ලෙස වෙහෙස මහන්සි වී කොරෝනාවේ ගොදුරු බවට පත්ව සිටින අපේම සහෝදර රෝගී ජනතාව කොරෝනා මාරයාගෙන් ගලවා ගැනීමේ සටනේ පෙරමුනෙහිම සිටින්නේ මේ සුව විරුවන්. රෝහල්වල වෛද්‍ය, හෙද, සාත්තු සේවක ඇතුළු සියලූම කාර්යය මණ්ඩල මේ දිනවල මේ ඇසට නොපෙනෙන සතුරාගේ ගොදුරු බවට පත්ව සිටින ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමකයි නිරත වී සිටින්නේ. අප වෙනුනේ එලෙස මහන්සිවන ඔවුන් වෙනුවෙන් අපට කළ හැකිවන්නේ කුමක්ද? ඔවුන් හට ශක්තිය, ධෛර්යය, නිදුක් නීරෝගීභාවය ප්‍රාර්ථනා කරන අතරම ඔවුන් කරන මෙම අමිල මෙහෙය ඇගයීමක් වශයෙන් හෝ අපට යමක් කළ හැකි නම් එය අතීශයින් වටිනවා.

රටේ ප්‍රශ්නෙකදී නොපැකිලව ඉදිරිපත්වන අපේ බ්‍රැන්ඩික් සමූහය මෙම වසංගත තත්ත්වය හමුවේදීත් ඉදිරිපත්වෙමින් හැකි උපරිම අයුරින් කටයුතු කරන ආකාරය අපි දකිනවා. එලෙසින් අප විසින් දියත් කරන වැඩසටහන් අතර පසුගියදා තවත් එක් සද්කාර්යයක් සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා. ඒ අවිස්සාවේල්ල රෝහලේ වාට්ටු අංක 6 රෝහල් කාර්යය මණ්ඩලය සඳහා වැසිකිළි පහසුකම් සහිත අංග සම්පූර්ණ නානකාමරයක් සාදා පරිත්‍යාග කිරීමයි. මෙමගින් මේ වසංගත අවස්ථාවේ අති විශාල පිරිසකට සේවය සපයන අවිස්සාවේල්ල රෝහලේ 6 වන වාට්ටුවේ කාර්යමණ්ඩලයට සැලසුනු මෙහෙය මෙපමනකැයි කියා ප්‍රකාශ ළ නොහැකි තරම්. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින්, සිය ආදරණීයයන්ගෙන් පවා ඈත් වී වැඩි කාලයක් රෝහලටම වී රෝගීන් වෙනුවෙන්ම කැපවී සිටන ඔවුන්හට අත්‍යාවශ්‍යව පැවති මෙම නාන කාමර පහසුකම සාදා නිමකරදීමට බ්‍රැන්ඩික්ස් අපට හැකිවීම පිළිබඳව හදවතින්ම සතුටු වෙමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *