කාලවර්ණ විය මිහිකත
ගොම්මනක් විය මුල් සසර
සෑම දනන්…
පියවි ඇසින්…
නික්මුනි සදහටම
‘අහෝ’ කියන්නට දෝ
‘අපොයි’ කියන්නට දෝ
නොහැඟේ මා හට
‘අහෝ’ සුන්දර සිහිනය,
ඔබ සැබෑවකි.
අනාගතය ඔබ මතින් දුටුවෙමි
හෙළයාගේ හෙළ නමත්
ගොවියාගේ ගොවි නමත්
මිනිසාගේ මිනිස්කමත්
කුණාටුවකට හසුව ඇත
නව දේ එක්කර
පැරණි දේ තුරන් කර
විපරීතයන් මවාගෙන
මනුදම කෙලෙසමින්… සත්‍යද වනසමින්
ඒ කුණාටුව සියල්ල නතු කළේය
කුණාටුවේ ශෝකයත්,
අසු වූ දනන්ගේ විලාපයත්
ඇසුණි… දැනුණි
අවදිවිය මා…
නින්දෙන් නොව, මසැසිනුත් නොව… මනසින් ම…
මතුවට…
මෙලෙසින් නොවන්නට.
විනෝද්‍යා ඉෂාරිකා (විනූ)