බ්‍රැන්ඩික්ස් අපේකම

බ්‍රැන්ඩික්ස් අපේකම

ලොව වටා සැරිසරා ඇවිදින් වසංගතයක් හෙමින්                  එබුණා
මිනිස් ජීවිත සදාකාලික අන්ධකාරෙක ගිලී                          තිබුණා
මුවෙන් මුව ගිලිහෙනා වදනක අරුත ටික ටික හෙමින්           මැකුණා
සැමට රහසේ අරුත්බර දිවි දුක් කදුළු මැද නිවී                      තිබුණා
 

මෙවන් යුගයක මිනිස් ජීවිත
හදුනන හොඳ හදක් තිබුණා
ලොවේ සුවහස් දනන් ඒ මැද
සුව පහසේ රැදෙමින්ම ඇදුනා
අපේකම හදුනනා බ්‍රැන්ඩික්ස්
ලොවේ හැම නම දිනා තිබුණා
එකමුතුව එක රෑන සේ අපි
සැවොම එක්වී පෙමින් වෙලුනා
 
අතහැරී තම ළබැඳි හිතවත්
සැවොම මග නොදොඩාම යද්දී
අත් නොහැර සැම සුවය සදමින්
අපේ ජීවිත ගොඩ නගද්දී
පුදමි පින් පෙත් සෙනෙහසින් සිත
කුසක වේලක ගිනි නිවෙද්දී
දුටුවේ බ්‍රැන්ඩික්ස් අපේකම මිස
අන් කුමද ලොව පුරා රැව් දී

 

ගංගා විතානගේ

බ්‍රන්ඩික්ස් කොග්ගල ආයතනය

හොඳම නිර්මාණය තෙවැනි ස්ථානය

Facebook