මිහි මත දෙවිවරු

මිහි මත දෙවිවරු

අන්තිම හුස්ම පොද ගිලිහී යන                   වේලේ
ගිලිහුන හුස්ම යළි අරගෙන දෙන                තාලේ
දෙවියන් මිහිමතට වැඩලා මේ                    කාලේ
වෙහෙසෙන හැටි බලපන්                  ඉස්පිරිතාලේ

මුහුණත් වසාගෙන ඇඳුමත් දිගට                   ඇඳන්
දහදිය පෙරාගෙන සිරුරෙ ම                  අමාරුවෙන්
තමන්ගේ ජීවිතය ගැන අමතක                   කරමින්
අනුන්ගේ දිවි රකී තම දිවි කැප                   කරමින්

සල්ලිත් සමග ගෙඩි පලතුරු                      පුරෝලා
පිදුවට දෙවියෝ බැලුව ද නෙත්                  හෙළාලා
ඔක්කොම දෙවිවරුන් දෙව් විමනින්             බැහැලා
සුව විරු වෙස් අරන් පොළොවට                ඇවිල්ලා

නොදැකපු දෙවිවරුන් පිදුමට                     දේවාලේ
ගියත් වැඩක් නම් නැති වෙයි                     මේ කාලේ
වෙහෙස වෙමින් අප වෙනුවෙන් හැම             වේලේ
දෙවියන් ඉන්නවා දැන්                         ඉස්පිරිතාලේ

ඩී. රේණුකා පත්මසිරි
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook