කියන්නම් ආදරේ

කියන්නම් ආදරේ

ළමැද හරි මැද්දෙන් ම                  පළලා
නුඹව හිත පතුලෙන් ම                 තියලා
පරිස්සම් කරනවා                        සිතලා
සුසුම් වැස්සක් කඩන්                   වැටිලා

අහස පොළොවට වඩා දුර                  ඉම
සිහින ගණිනා හැඟුම් පොදි                  මම
සොඳුර නුඹ දන්නවා නම්                 පෙම
පිරී යනවා සත්තකින්                       ළැම

ලවන් සිඹ සිඹ හාදු                      තවරා
උතුම් බෝසත් පෙමක්                 පවරා
නිසංසල සඳ හදට                        ඉඳුරා
කියන්නෙත් ආදරේ                           දිවුරා

අතින් අත නොහැරෙන්න                 කිසිදා
ඉතින් මේ අත් භවේ                         මතුදා
එක්ව යමු අපි දිවිය                          හැරදා
දුකත් සැප සන්තොසින්                  වළඳා

කේ.පී. නදීෂා ගයාත්‍රි
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook