සියපතක් මෙන් පිබිදෙමු

කියා ඵල නැති නොමැතිකම් ගැන
විසිරි සිහිනෙක සැරි සැරූ
දවා රිදවයි සිත වරින් වර
මට ද මාවම නැති කෙරූ
ලබා කුමකට මෙවැනි සසරක්
දුකින් පීඩීත වී හුරූ
හෙළා කඳුළක් යළිත් නැගිටිමි
පෙර භවේ ඇති වරදක් කෙරූ…
හිනාවන් නොමැකේවී දුක සතුට කොයි වෙතත්
මඩ ගොහුරුවල හැදී පිබිදේවී සියපත්
නොකියාම දින ඒවී යන්න කොයි කාටත්
කවියක්ව පිළිගන්න ගියදාම මාවත්…

නීෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook