Test page - 01

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ගුණාත්මකභාවයෙන් ඉහළ ඇඟලුම් නිෂ්පාදනය කරනවා සේම සේවක වෘත්තීය සුරක්ෂිතතාව ගැන ද සිතන ආයතනයක්. 2022 ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය සතිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සමුළුව සඳහා දස වන වරටත් අනුග්‍රාහකත්වය දක්වන්න බ්‍රැන්ඩික්ස් ආයතනයට හැකි වූ අතර එය බ්‍රැන්ඩික්ස් අපට මහත් අභිමානයක්.

කම්කරු අමාත්‍යාංශයේ වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය (NIOSH) මගින් සංවිධානය කළ ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය සතියෙහි තේමාව ‘කළමනාකරණ පද්ධති හරහා සුරක්ෂිතභාවය දිනා ගැනීම’ යි. මේ තේමාවට අනුව යමින් සේවා ස්ථානයේ සෞඛ්‍යය සහ සුරක්ෂිතභාවය ගැන දැනුවත් කිරීම සහ ඒවා තවත් වැඩිදියුණු කිරීම මෙවර සමුළුවේ අරමුණ වුණා.

මෙවර සමුළුවේ රිදී අනුග්‍රාහකයා වූ බ්‍රැන්ඩික්ස් සමූහය වෙනුවෙන් වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍යය – සමූහ ප්‍රධානී අසංක පාලම්කුඹුර මහතා ද සමුළුවේදී අදහස් දැක් වූ අතර වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමූහය වශයෙන් අප ඉදිරියේදිත් කැප වී කටයුතු කිරීමට සූදානම්.