තාත්තා දුන්න ආදර්ශය නිසා කිසිම එළියක් නැතිව, මහා කරුවලේ ගස් ගල්වල හැප්පි හැප්පි තුවාල කර ගෙන ගෙදරට ආවා.
ඇයි එළියක් අරන් ආවේ නැතතේ කියලා සිටු කුමරිය ඇහුවම ඔහු කියනවා තාත්තා කිව්ව වදන. ඒක අහගෙන හිටපු සිටු කුමරිය කියනවා ඒ විදිහට කිව්වේ,
ගමනක් ගියාම රෑ වෙන්න කලින් ගෙදරට එන්න කියන එක කියලා පහදලා දුන්නා.
තව දවසක් මේ සිටු කුමරිය දැක්කා සිටු කුමරා හැමකෙනාටම සල්ලි ණයට දෙනවා. නමුත් ආපහු ඒ ණය ඉල්ලන්නේ නැති බව. ඉතිං මේ ගැන සිටු කුමරාගෙන් ඇහුවා. එයා කිව්වා තාත්තා දුන්න දෙවැනි උපදෙස.
“ණයට මුදල් දී ආපසු ගන්න එපා”
සිටු කුමරියට හිනා. ඇය කියනවා ඒ කිව්වේ ණයට දෙන්න එපා කියන එක. නැතිව ණය දීලා ඉල්ලන්නේ නැතිව ඉන්න එක නෙමෙයි කියලා.
දවසක් දවල් කෑම වේල හදපු ගමන් මේ සිටු කුමරා, හරිම හදිස්සියේන්ම කෑම උණු උණුවෙම බෙදා ගෙන දාඩිය පෙරා ගෙන අත පිච්චි පිච්චි කන්න පටන් ගත්තා. සිටු කුමරිය ඇහුවා.
මොකද මේ විදිහට කන්නේ කියලා. සිටු කුමරා තාත්තා දුන්න තුන්වැනි උපදෙස කිව්වා.
“දාඩිය නොගෙන්වන අහරක් ගන්න එපා”
සිටු කුමරිය ඒ උපදේසේ නියම අරුත මේ විදිහට වටහලා දුන්නා.