හිසමත මහ බරක් උසුලාගෙන
දරු පැටව් ගැන සිතමින් මුලු දවසෙම
දිවා රෑ නැතිව වෙහෙසි දරුවන් රකින
ඒ කවුද ? නිවනට වඩින අම්මා
සැමියා අකාලයේ ලෙඩවූවා
අඟ හිඟකම් ඇය ඔහු ද රැක ගත්තා
දරුවන් රැකුමද ද ඇය කරමතට වැටුණා
දුක් කම්කටොළු මැද ඇය ජීවත් වූවා
හිරු පායන්නටත් පෙර ඇය නැගිටිනවා
දරුවන් හා සැමියා ගැන සිතලා
හනිකට කෑමට යමක් පිළියෙල කෙරුවා
පොඩිවුන් ලොකු කරන්නට ඇය සෑහෙන දුක්වින්දා
සැමදා නෙතට කඳුලැලි ඉනුවා නේද ?
රෙදි කඩමල්ලක් හරියට තිබුනේද නැති
අඳිනා වස්තරය ලිපකට දැමුවට පිච්චෙන්නේද නැත
නෑදෑ හිතවතුන් ගෙට ගොඩවුණීද නැත
හිඳගනු පිණිස පුටුවක් හෝ ඇඳක් නැත
උදෑසනම ගල් මෝලට යනවා
මධ්‍යාහනක් වනතුරු ඇය ගල් කැඩුවා
මහා රෑ වනතුරා ඇය පහන්තිර එතුවා
හැම සතයක්ම දරුවන් හා සැමියට යෙදුවා
දරුවන් දෙදෙනා ද පාසල් යැව්වා
සැමියාටද හැම සත්කාරය කෙරුවා
දෑතේ කරගැට එනතෙක් ඇය ගල් තැලුවා
ඇය විඳි දුක ගැහැට නිතරම සිහිවෙනවා
දරුවන් හදන්නේ දහදුක් විඳලා
ඇයි දරුවනේ මව්පියහට මෙහෙම කලේ
එනමුත් ඇය තුළ දරුදුක පිරිලා
හඬනවා නේද දරු දෙදෙනා සිහිකරලා
ශ්‍රියානි ලියනගේ – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය