සමාජගත විවිධ දුර්මතයන්, සාවද්‍ය ප්‍රචාරයන් හා වැරදි අර්ථකතනයන් පසෙකලා, මනෝ උපදේශන සේවයේ සැබෑ ස්වරූපය එලෙසින්ම පවත්වාගෙන යමින් බ්‍රැන්ඩික්ස් සමූහය තුළ මනෝ උපදේශන සේවය ඉතාමත් ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක වීම ඉහළින්ම අගය කළ යුත්තකි. ඒ අනුව සමස්ත බ්‍රැන්ඩික්ස් සමූහය තුළ සියලු දෙනාගේම මානසික සෞඛ්‍ය පවත්වා ගෙන යමින්, තමන්ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම වෘත්තීයමය ජීවිතය තුළත්, මානසික සුවතාවය නගාසිටුවීමෙහිලා මහඟු කාර්යභාරය උදෙසා බ්‍රැන්ඩික්ස් සමූහ මනෝවිද්‍යා විශේෂඥ පේශලී ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන කොටගත් මනෝ උපදේශන කණ්ඩායම කැපවී ක්‍රියාකරති. සිය අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස, මනෝ උපදේශන විෂයෙහි ඇතුළත් මනෝ විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිත කරමින් උපදේශන සේවය ඉතා පුළුල් පරාසයකට විහිදුවාලීමටත් ඔවුන් සිය දායකත්වය සැපයීම මනාව කැපී පෙනෙන්නකි. ඉතා කෙටි කාලසීමාවක් තුළදී, සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම උදෙසා කාලෝචිත නව්‍යතා මතු කරලීමටත්, ඒ ඔස්සේ ඵලදායී සේවයක් සැපයීමටත් ඔවුන් නිරතුරුවම කටයුතු කරමින් සිටියි.
මනෝ උපදේශන සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක වන නව්‍යතා පිළිබදව කෙටි හැදින්වීමක් කළොත්, ආයතනික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි මනෝ උපදේශන සේවය ක්‍රියාත්මක කිරීම සදහා සමූහයේ බොහොමයක් ආයතන තුළ මේ වන විටත් “කවුන්සලින් ජම්ප(ර්)” නමින් විශේෂ භූමිකාවක් නිර්මාණය කර තිබීම දැක ගත හැකියි. ඒ අනුව ඉතා ඵලදායී අන්දමින් උපදේශන සේවය සැලසීමට ආයතනික පසුබිම සකසා ගැනීම සාර්ථක වෑයමක ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකියි.
සාම්ප්‍රදායික මනෝ උපදේශන කාර්යයයෙන් ඔබ්බට ගොස් ආයතන පරිශ්‍රය තුළ සියල්ලන්ගේම හිතසුව පිණිස විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ විද්‍යුත් මාධ්‍යයන් (PA System) හරහා මෙන්ම කුඩා කණ්ඩායම් වශයෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීම් ඔස්සේ, සාමාජික සාමාජිකාවන් ඇතුළු සියලු දෙනාගේම මනෝ සමාජීය දැනුම වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණයි. එකී එක් එක් ආයතන තුළ වෙන් වෙන්ව පවත්වනු ලබන මනෝ සමාජීය දැනුම බෙදාහදා ගැනීමේ වැඩසටහන් සමස්ත බ්‍රැන්ඩික්ස් සමූහයටම උචිත පරිදි සකසා ඉදිරිපත් කිරීමට පවා මේ වන විටත් බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන කණ්ඩායම සාර්ථක වැඩපිළිවෙලක් සංවිධානය කිරීම විශේෂයෙන් මතක් කළ යුතුයි. එකී වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය සනිටුහන් කිරීමක් ලෙස ගෙවී ගිය කොවිඩ් 19 (Covid 19) අනපේක්ෂිත තත්ත්වය තුළ සිය පවුල් වලින් දුරස්ව සේවයේ නියුතුව සිටීම හේතුවෙන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටි බ්‍රැන්ඩික්ස් ඉන්දියාහි ශ්‍රී ලාංකික සේවක පිරිසක් ඉලක්ක කර ගනිමින්, ජීවිතයේ අනපේක්ෂිත අත්දැකීම් වලට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබදව හරවත් මෙන්ම වඩා කාලෝචිත තේමා කිහිපයක් ඔස්සේ පැවැත්වූ වැඩසටහන දැක්විය හැකියි.
කාලයත් සමග විවිධ නව්‍යතා අත්දැකීම් කොට ගනිමින් ආයතනික ව්‍යුහගත සීමාවන්ගෙන් ඔබ්බට ගොස් වෘත්තීය මනෝවිද්‍යාත්මක දැක්ම උපයෝගී කරගනිමින් සමූහ මනෝවිද්‍යා විශේෂඥ පේශලී ප්‍රනාන්දු මහත්මියගේ මග පෙන්වීම යටතේ, අනගි සමාජ මෙහෙවරක් ඉටුකිරීමට සමූහ මනෝ උපදේශන කණ්ඩායම මේ වන විටත් සිය ආරම්භක පියවර ගෙන තිබීම තවත් සුවිශේෂී කරුණක්. ඒ අනුව “සුරැකි ඔබ”, “මම මට ආදරෙයි” හා “එදිනෙදා ජීවිතයට මූල්‍ය කළමනාකරණය ” ආදී වශයෙන් ප්‍රායෝගික සමාජ ගැටලු කිහිපයක් තේමා කරගනිමින් විශේෂ ව්‍යාපෘති ත්‍රිත්වයක් මෑත කාලීනව ආයතන සමූහයෙහි ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු සංවිධානය කිරීම ඔවුන්ගේ තවත් වෑයමක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.
ඉහත කී විශේෂ ව්‍යාපෘති පිළිබදව කෙටි හැදින්වීමක් කළොත්, ප්‍රථමයෙන් “සුරැකි ඔබ” උග්‍ර සමාජ ගැටලුවක් වන “ගෘහස්ථ හිංසනය ” තේමාවට පාදක කොට ගනිමින් ඒ පිළිබදව සේවක සාමාජික සාමජිකාවන් ඇතුලු සියලු දෙනාගේම දැනුවත්භාවය වර්ධනය කිරීම, ප්‍රයෝගික විසදුම් ලබා ගැනීමට සහය වීම මෙන්ම “කාන්තා පිහිට” (Women in Need), ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ආදී බොහොමයක් පිළිගත් සමාජ සවිධාන සමග එක්ව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම තුළින් එකී ගැටලුවෙන් පීඩා විදින පාර්ශවයන් උදෙසා සහනදායී වැඩ පිලිවෙළක් සැකසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
මීළඟට “මම මට ආදරෙයි” නමින් මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක් වන, වත්මන් සමාජ ගැටලුවක් බවට පත් වී ඇති “සිය දිවි හානි කරගැනීම” යන තේමාව මූලික කොටගත් ව්‍යාපෘතිය දැක්විය හැකිය. ඒ අනුව ජීවිත හානි සිදු කරගැනීම පිළිබදව බොහොමයක් මනෝ සමාජීය කරුණු ඔස්සේ සියළු දෙනාගේම දැනුවත්භාවය ඇති කිරීමත්, කාලීන සමාජ දත්ත ඇසුරින් පැහැදිලි කිරීමත් , එවන් තත්ත්වයකදී මනෝ උපදේශන සේවය හරහා ඉටුවන කාර්යභාරය මෙන්ම එකී තත්ත්වයෙන් වැළකීම පිණිස ජීවිතයට වැදගත් වන ස්වයං අභිප්‍රේරණාත්මක කරුණු ආදිය පිළිබදව සමාජ දැනුම බෙදාහදා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සමූහ මනෝ උපදේශන ව්‍යාපෘති අතරින් තෙවැන්න අපි කාටත් පොදුවේ වැදගත් වන “එදිනෙදා ජීවිතයට මූල්‍ය කළමනාකරණය ” යන්නයි. බ්‍රැන්ඩික්ස් සමූහයේ සියලුම දෙනාට උපකාරී වන අයුරින් මුදල් පරිහරණය කිරීමේ දී වැඩියෙන් අවධානය යොමුකළ යුතු කරුණු, ප්‍රායෝගිකව තමන්ගේ ආදායමට සරිලන පරිදි අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම මෙන්ම මෑත කාලීනව සමාජ ගත වී ඇති ආර්ථික කූටෝපායන්ට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කළයුතු ආකාරය පිළිබදව සමාජ දැනුම බෙදාහදා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
2017 වර්ෂයේදී ප්‍රායෝගික මනෝ උපදේශන ක්‍රියාවලිය බ්‍රැන්ඩික්ස් සමූහය තුළ වෙනම සේවා අංශයක් ලෙස අලුතින් ස්ථාපිත වීමත් සමඟ වසර 3ක් වැනි කෙටි කාල සීමාවක් තුළදී ඉහත කතා කළ නොයෙකුත් නව අගයන්ගේ එකතුවෙන් සමූහ මනෝ උපදේශන සේවය පියවරෙන් පියවර දියුණු වී ඉතා සාර්ථක සන්ධිස්ථානයකට පැමිණ තිබීම ඉහළින්ම අගය කළ යුත්තකි. සේවයේ ගුණාත්මකභාවය මනා සේ රැක ගනිමින් බ්‍රැන්ඩික්ස් සමූහයේ සියල්ලන්ගේම ජීවිත වලට ඵලදායී මෙන්ම සහනදායී අයුරින් සමාජ මෙහෙවරක් දියත් කිරීමට සමූහ මනෝවිද්‍යා විශේෂඥ පේශලී ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන කොටගත් මනෝ උපදේශන කණ්ඩායම මේ ගන්නා වෑයම මල්ඵල ගැන්වීම අභියස සමූහ මානව සම්පත් අංශයද ඉතාමත් සහයෝගයකින් ක්‍රියාකරන බව සදහන් කළයුතුය. මෙම දෙඅංශය අතර සුහදතාවය පවත්වා ගනිමින් මනෝ උපදේශන සේවය හරහා නුදුරු අනාගතයේදී බ්‍රැන්ඩික්ස් සමූහය තුළ තවදුරටත් ඵලදායිතා වර්ධනය වේ යැයි යන්න අප කාගේත් බලාපොරොත්තුවයි.