හිරු සඳු නැගුනට නෑ කිසි වෙනසක්…
ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්…
ඒ හැම දේකදී ලබාන දිරියක්…
හදවත කර ඇත සවිබල අවියක්…
හිංසා පීඩා ඉවසා සැමවිට…
කඳුළු සලයි ඈ නොපෙනෙන විලසට…
හැමගේ දුක් කඳ තියාන කරපිට…
වැටි වැටි දුවනවා ලස්සන හෙටකට…
ලැබුණත් ලෝකෙන් ගැරහුම් නින්දා…
තනියම සැම දේ දරාන වින්දා…
විටකදි නොසැලී ඉන්නම හින්දා…
ගැහැණිය මේ මහා පොළවද මන්දා…
නිෂා මධූරංගී
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය