දින දින හරසර - ලබමින් පිබිදෙන - හද බැඳි වැලිසර

සාමාජික සාමාජිකාවන් 1500කට අධික පිරිසකගෙන් සමන්විත බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතන ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයමින් ඉදිරියට යන ආයතනයකි. අවම සේවක සංඛ්‍යාවකගෙන් ආරම්භ වී දැවැන්ත වෘක්ෂයක් වැඩෙන්නා සේ බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය මේ වන විට සිය ධාරිතාව පුළුල් කරගෙන යමින් සිටියි.

ප්‍රථමයෙන් සීදූව ප්‍රදේශයේ ආරම්භ කළ එම ආයතනය තවත් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන පසුව වැලිසර ප්‍රදේශයට රැගෙන ආ අතර මේ වන විට සමාජයටත් මෙහෙවරක් සිදු කරමින් ආයතනයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු මෙන්ම ඔවුන්ගේ දරු දැරියන්ට ද අධ්‍යාපනයට අවශ්‍ය අත්වැල සපයමින් ඔවුන්ගේ සුභසාධනය ද තහවුරු කරමින් බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය සිය පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවිතයට අත්වැලක් වී තිබේ. CSR ව්‍යාපෘති මගින් සාමාජික සාමාජිකාවන්ට ජල පහසුකම්, නිවාස පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතයට රුකුලක්වීමට ආයතනය සමත් විය.

බ්‍රැන්ඩික්ස් සමූහය සමාජ සත්කාර අතින් ඉදිරියෙන් සිටින ආයතන සමූහයකි. බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය ද ඊට අනුකූලව යමින් රාගම රෝහලට, වැලිසර රෝහලට, ඇලපිටිවල චන්ද්‍රාලංක පාසලට විශාල මෙහෙවරක් සිදු කර ඇත. එලෙසම ඉදිරියටත් එවන් සමාජ සත්කාර කිරීමට එම ආයතනයේ කළමනාකාරීත්වය ආයතනයේ සාමාජික සාමාජිකාවන් දිරිගන්වමින් සිටියි.

ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු බොහෝ පිරිසකගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීමට ඔවුන්ට රැකියා අවස්ථා ලබා දෙමින් ද බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය විශාල මෙහෙයක් රටේ ආර්ථිකය වෙනුවෙන් සිදු කරයි. විවිධ වැඩසටහන් සිදු කරමින් ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දැනුම, කුසලතා ඔප්නංවමින් හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසක් බවට ඔවුන් ඉදිරියට ගෙන ඒමට ද ආයතනය සමත් විය. සාරධර්මවලින් අනූන සාමාජික සාමාජිකාවන් පිරිසක් බිහි කරමින් ඔවුන්ට පාසලක් වූ බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය සමාජයට සාර්ථක මිනිසුන් පිරිසක් බිහි කරන ආයතනයකි.

බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය එක පවුලක් මෙන් කටයුතු කරමින් පිබිදුණු මිනිසුන් සමග තවදුරටත් දියුණුව කරා යමින් සිටියි.