මනරම් සබරගමුවේ අභිමානය බ්‍රැන්ඩික්ස් රඹුක්කන

බ්‍රැන්ඩික්ස් පවුලේ තවත් එක් සාඩම්බර සාමාජිකයෙකු වන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය පිළිබඳවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ තුළින් කතා කරන්නේ.

බ්‍රැන්ඩික්ස් Essentials පර්ෂදයට අයත්වන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය ආරම්භ වූයේ කුඩා වපසරියකින් යුත් ආයතනයක් ලෙස සාමාජිකයින් 1,350ක පමණ පිරිසක් සමගිනුයි. මේ වන විට දිනෙන් දින දියුණුවට යමින් තිබෙන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය මුලින්ම පිහිටා තිබුණේ රඹුක්කන, කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පින්නවල ජාතික පාසල ඉදිරිපිටයි. පිබිදුණු විසඳුම් ලොවට තිළිණ කරමින් දිනෙන් දින දියුණුවට පත් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය පසුකාලීනව සාමාජික සංඛ්‍යාව සහ අනෙකුත් අංගයන්ගෙන් පරිපූර්ණ වෙමින් අද පවතින තත්ත්වයට පැමිණ තිබෙන්නේ ආයතනයේ සියල්ලන් ආයතනය කෙරෙහි දක්වන ආදරය සහ කැපවීම නිසාමයි.

මනරම් සබරගමු පළාතේ ස්ථාපිත රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනය පිහිටි ප්‍රදේශයට වර්ෂාපතනයෙන් නම් අඩුවක් නැහැ. එලෙස වර්ෂාපතනයෙන් ලැබෙන වැසි ජලය එකතු කර භාවිතයට ගැනීමට ක්‍රමවේදයක් ආයතනයෙන් සකසා තිබීම විශේෂත්වයක්. ඊට අමතරව ආයතනයේ මුළුතැන්ගෙය සහ වැසිකිළිවල අපද්‍රව්‍ය පිරිපහදු කර උද්‍යාන කටයුතු සඳහා යොදාගැනීමට ක්‍රමවේද සකසා ඇති බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය වායුසමීකරණ යන්ත්‍රවලින් පිටවන ජලය ද අපතේ නොයවා ප්‍රයෝජන ගැනීමට ක්‍රමවේද සකසා තිබෙනවා.

ජල බිඳුවක් පවා අපතේ නොයවමින් ප්‍රදේශයටම ආදර්ශයක් වන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය කොරෝනා වසංගත සමයේ තවත් ආදර්ශයක් සපයා තිබෙනවා. ඒ බ්‍රැන්ඩික්ස් රඹුක්කන පැරණි ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට ලබා දීමෙන්. එම නිරෝධායන මධ්‍යස්ථානය සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ද බ්‍රැන්ඩික්ස් ආයතනයයි.

මනුසත්කාරය තුළින් සිය සහෝදර ආයතන මෙන් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සමාජ සත්කාර කරමින් විශාල මෙහෙවරක් ඉටු කරන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයට රටට සවියක් වන්නට තවදුරටත් හැකිවේවා යනු අපේ පැතුමයි…