තාල මැවෙන හැන්දෑවක
මාල බැන්ද රන්දෝලක
කාල රාමු අළු පාටින්
මතක මැවෙනවා…
සීත පොදක රස්නෙ දැනී
නීල නයන පියන් වැසී
කීම නාහා හිතේ කොනක්
හාදු යදිනවා…
ගව් ගණනක් ඈත නොයා
දෑස නාඳුනන ගාණට
අත්හැරි නෑරුණු දෑතක්
සුසුම් සලනවා…
අඳුරු පාට රූප රචන
ආදරයෙන් සිත්තම් කළ
හිමි වූවත් අහිමි හිතේ
ඉඩක් හොයනවා…
මන්දාරම් හැන්දෑවක
ඉඩ දුන්නොත් එක මොහොතක
ඔය දෑසින් මගේ දෑසේ
එළිය හොයනවා…
නුඹෙ දෑතේ උණුහුමකට
යාන්තමින් තුරුලුවෙලා
අළු පාටින් තිබුණු මතක
පාට කරනවා…
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය