විකසිත සිත් සමග පිබිදෙන බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ

සුන්දර පරිසරයකට මැදි වී පිහිටි බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය පිළිබඳවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහනෙන් ඉඩහසර වෙන් වුණේ.

1992 වර්ෂයේදී කුඩාවට ආරම්භ කළ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය මේ වන විට විශාල දියුණුවක් ලබා ඇති ආයතනයක්. වර්තමානය වන විට සාමාජික සාමාජිකාවන් 1400කට වැඩි පිරිසක් ආයතනයේ සේවය කරනවා.

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයත් බ්‍රැන්ඩික්ස් සමූහයේ අනෙක් ආයතන මෙන් සිය සාමාජික සාමාජිකාවන්ගේ සතුට ගැන සිතමින් ඔවුන්ගේ ජීවිතවලට ද සවියක් වෙමින් ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන ආයතනයක්. ඒ නිසාම ආයතනයේ සාමාජික සාමාජිකාවන් ද ආයතනය පිළිබඳ කතා කරන්නේ ඉතා ලෙන්ගතු හැඟීමකින්. විශේෂයෙන්ම මනුසත්කාරය යටතේ ක්‍රියාත්මක ‘රන්දරු තිළිණ’ වැඩසටහන ඔස්සේ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට උපකාර කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ ඉමහත් පැහැදීමකින්.

ආයතනය අවට ප්‍රදේශයේ ජනතාවටත්, ප්‍රදේශයේ පාසල්, ආගමික ස්ථාන, රෝහල් ඇතුළු ස්ථානවලටත් මනුසත්කාරය තුළින් සෙත සලසමින් මනු දැය පුබුදුවාලීම වෙනුවෙන් විශාල මෙහෙයක් බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයෙන් සිදු වෙනවා. ඉදිරියටත් ප්‍රදේශයට උපරිම සේවාවක් ඉටු කරමින්, රැකියා උත්පාදනය කරමින් ප්‍රදේශයේ ජනතාවට ශක්තියක් වීම බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ බලාපොරොත්තුවයි.

වසර 30කට ආසන්න කාලයක් සිය සහෝදර ආයතන මෙන් ලොවටම පිබිදුණු විසඳුම් ලබා දුන් බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයට  බ්‍රැන්ඩික්ස් අභිමානය ඉදිරියටත් විශිෂ්ට අන්දමින් ලොවටම කියා පෑමට ශක්තිය ලැබේවා යනු වියමන් අපගේ ප්‍රාර්ථනයයි.