බෙරාලන්ත මැතිවරණය 2022

පිබිදුණු මිනිසුන් සමග ලොවටම පිබිදුණු විසඳුම් ලබා දෙන බ්‍රැන්ඩික්ස් කාලෙන් කාලෙට අලුත් සංකල්ප හරහා වෙනස්ම ආකාරයේ ප්‍රබෝධවත් විසඳුම් ගෙන එනවා. මේ කියන්න යන්නේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ සිදු කෙරෙන අලුත්ම වැඩක් ගැන. ඒ තමයි බෙරාලන්ත මැතිවරණය.

මේ වැඩසටහන ආරම්භ වුණේ 2021 දෙසැම්බර් මාසයේදි. ආයතනයේ සියලු සාමාජික සාමාජිකාවන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ ඊට ඉහළ මට්ටමේ නිලධාරීන් යන මේ සියලු දෙනා අතර තිබෙන සම්බන්ධතාව, එකමුතුකම, කණ්ඩායම් හැඟීම තිබෙනවාටත් වඩා ගොඩනගන්නට ගත් පියවරක් ලෙසයි මේ මැතිවරණ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

මැතිවරණ කොමසාරිස්වරයෙක් ද සිටින මෙම බෙරාලන්ත මැතිවරණයට පක්ෂ 6ක් තරග වදිනවා. මානව සම්පත්, පරිපාලන, වෘත්තිය සෞඛ්‍යය හා ආරක්ෂණ අංශය (OHS) යන අංශ මානව සුරක්ෂිතතා පරිපාලන පෙරමුණ යන පක්ෂය යටතේත්, යන්ත්‍ර ක්‍රියාකරුවන් ජනතා මෙහෙයුම් පක්ෂය යටතේත්, නිෂ්පාදන සහ තාක්ෂණික අංශ ජාතිය ගලවා ගැනීමේ පක්ෂය යටතේත්, ඉංජිනේරු අංශය R.I.T.E. පක්ෂය යටතේත්, තත්ත්ව පාලන අංශය BERA රැකගැනීමේ බලකාය යටතේත්, බඳවා ගැනීම් අංශය එක්සත් ජනදිරි බලකාය යටතේත් මැතිවරණයට ඉදිරිපත්වෙලා තියෙනවා. මේ පක්ෂ හයටම අදාළ වර්ණ සහ ලාංඡනත් තියෙනවා.

මෙම මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ හය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරලා මැතිවරණ කාර්යාලයට භාර දීමක් ද සිදු කෙරුණා. මුලින්ම ප්‍රාදේශීය මැතිවරණයක් පවත්වන අතර ඊට අදාළ නාම යෝජනා භාර දී තියෙනවා. නාම යෝජනා භාර දීමෙන් පසු ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කෙරුණා. ප්‍රාදේශීය මැතිවරණයෙන් නොනැවතී ජනාධිපතිවරණයක් දක්වා මේ අපූරු වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි.

ආයතනයේ සියලු දෙනා තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය කරමින්, සාම්ප්‍රදායික රාජකාරී ක්‍රමයෙන් ඔබ්බට යමින් සිය ආයතනයේ රාජකාරියේ නියුතු සියල්ලන්ගේ ජීවිතවලට වෙනසක් එක් කරමින් පවත්වන මේ මැතිවරණය හරි අපූරු සංකල්පයක්. බෙරාලන්ත මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු පක්ෂවලට වියමන් අපගෙන් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *