එකමුතුව රැකගනිමු නිදහස

ජාතියෙන්වත් ආගමෙන්වත්

කුළල් කා භේදය නොවී

හිඳින තුරු එක ජාති ඇල්මෙන්

එකම ධජයක් යටට වී

විසල් බාධා ආවමුත් වට

සැලි සැලී දණ බිම ගැටී

පාග පාගා හෙළන්නට බෑ

නැගිටිනා තුරු වැටි වැටී

ඵලබරින් පිරි පුණ්‍ය භූමියේ

සරුසාර කෙත්වතුවල

හිස් කුසක් මියැදෙන්නෙ නැතුවැති

වැටෙන වැටෙනා තැන්වල

එක එකා කොයි විදියෙ ගැහුවත්

පැටලෙනා පරසක්වළ

හැම එකා එකමුතුව හිටියොත්

හෙළනු හැකිවෙයි ඇත් බල

අවි දරා රැක ගත්ත සාමය

අවි හෙළා විඳගන්න නම්

අපි හැම එක රළ පෙළක් සේ

හිඳිමු මේ හෙළ සයුර නම්

විඳින නිදහස අර්ථවත් වී

මියෙන තුරු පවතින්න නම්

ආයුබෝවන් තුන් හෙළේ දෙවි

නමට වේවා දෙව් වරම්!

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *