ළමා ලොවට සොඳුරු හෙටක්

ඉර හඳ තරු සේද වලාකුළින් පිරුණු අහස වගේ

පුංචි පුංචි දූ පුතුනගේ ලෝකය ඒ තරම් අගේ

සිර කරගෙන ඇතේ තබා නීතීවලින් සොඳුරු දඟේ

නිදහස නෑ දරුවන් හට පෙර මෙන් ඒ කාලේ වගේ

මව්පියන්ගේ හීනවලට පාට දෙන්න සමනල් තටු

සෝදා දිය කර අරගෙන පාට කරපු නෙක නෙක පිටු

සමාජයේ වරින් වරට දුටුවත් ඒ විසකුරු කටු

මලක් කඩා ගෙන ගිය පසු මොකටද ඒ මලේ නටු

සොඳුරු හෙටක් තුළ ලෝකය ජය ගන්න

දූ දරුවන්ගේ නිදහස ඔවුනට දෙන්න

දරුවන් කැමති විදිහට ජීවත් වෙන්න

ඉඩ දී පසු පසින් ඔබ නිතරම ඉන්න…

නීෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook