මනු දැය සුරකින මනුසත්කාරය

මනුසත්කාරය තුළින් මනු දැය ගොඩනැංවීම සිය වගකීමක් ලෙස සලකමින් පාසල්, රෝහල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවලට අවශ්‍ය උපකාර කිරීමට බ්‍රැන්ඩික්ස් සිය උපරිම දායකත්වය ලබා දෙන්නේ වසර ගණනාවක සිටයි. පසුගිය දිනවල බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයත් එවන් සමාජ සත්කාරයක් සිදු කළා. ඒ නිවිතිගල දිස්ත්‍රික් රෝහලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දීමෙන් සහ අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා දායකත්වය සැපයීමෙන්.

බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය විසින් රෝහල් කාර්ය මණ්ඩලය සඳහා මුව ආවරණ 20,000ක් සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදු කළා. බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය ඉන් නොනැවතී රෝහලේ කොවිඩ් වාට්ටුවේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කර දීම, විදුලි බල්බ ලබා දීම, විදුලිපංකා ලබා දීම ආදී උපකාර රාශියක් ද රෝහල වෙනුවෙන් සිදු කළ අතර රෝහලේ ඵලදායීතාව ඉහළ නැංවීමට එම උදව් උපකාර මහත් පිටිවහලක් වී තිබෙනවා.

ඒ වගේම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන මදුරුදැල් පරිත්‍යාග කිරීම ද බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය විසින් සිදු කළා. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන් එය ඉතා අගනා පරිත්‍යාගයක්.

පිබිදුණු මිනිසුන් සමග පිබිදුණු විසඳුම් ලොවට දායාද කරන බ්‍රැන්ඩික්ස් සිය සමාජ සත්කාරයේ දෑත දිගු කරමින් බ්‍රැන්ඩික්ස් ආයතන අවට ප්‍රදේශවල දියුණුව පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම සිදු කරනවා. එලෙස මනු දැය නංවාලීමට සහයෝගය ලබා දීම රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමිනුයි බ්‍රැන්ඩික්ස් සිය මනුසත්කාර ව්‍යාපෘති සිදු කරනු ලබන්නේ.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *