සමගිය බලයයි

පරදේසක්කාරයින්ට යටත්ව සිටි                          ලංකාවට

කාගෙන්වත් පිළිසරණක් ලැබුණේ නෑ                 ජනතාවට

හැල-හැප්පිලි මැද්දෙන් ජීවිත ගෙන ගිය                  ඔවුනට

සුබදායක පණිවුඩයක් අහන්න ලැබුණා                 දිනයක

 

වීර මී මුතුන් විසින් ලක්බිම බේරා                          ගැනුමට

යුද උපක්‍රම යොදවා යුද ජය ගත්තා                               සැම

තොටගමුවේ රාහුල හිමි නොබියව සැම                 ඉදිරියේ

බිම හෙළුවා ඉංගිරීසි කොඩිය දෙපා                          මුලටම

 

එක් දහස් නවසිය හතළිස් අට                             වර්ෂයේදී

යුද අවසන් වී ජය ගත්තා අප මී                                 මුතුන්

පෙබරවාරි හතර වැනි දා සැම හට සුබ                   දවසක්

ලංකාවම නිදහස සමරනවා මෙම                              දිනයේ

 

ජාති ආගම් කුල භේද නොම                                          තකා

සතුටින් එක්වෙමු නිදහස් දින සැමරුම                          පතා

සෑම නිවසකම සිංහ කොඩිය ලෙළ                               දෙනා

ලක් මෑණිගෙ නිදහස සමරමු අපි සැම                    එක්වෙලා

වයි.ජී.එන්. දිල්රුක්ෂි
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *