සෙනෙහසේ උල්පත

අහස් ගැබ තුළ

හැංගු ආදරේ

වැස්ස ලෙස

මිහිපිටට දීලා

නේක තුරු වැල්

මලින් හැඩ කළ

මහ වැස්ස වගේ

අපේ අම්මා…

වැටුණු වැහි දිය

ඔහේ මුහුදට

යන්න නොමදී

රැක්කමුත්

වැව් අමුණු තනලා

කලාවැව් දිය

පරයලා යයි

හිතේ ආදරේ

එහෙම මැනලා

ඉතින් තව තව ආයු

අරගෙන

තව තවත් අපි එක්ක ඉඳලා

අපේ මව් පිය සසරෙ මතු දා

බුදුන් දැක නිවනක් ලබත්වා!

සුරංජිකා ධනංජනී
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *