මනුසත්කාරයෙන් වර්ණවත් වූ මනු දැය

මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ මරප්පලම් ගම්මානයේ පදිංචි සුදර්ශිනීගේ ජීවිතය දුෂ්කරතා මැද ගෙවුණ ජීවිතයක්. ඇය වැනි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන දහස් ගණනක් වූ සාමාජික සාමාජිකාවන්ට සවියක් වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමාජ මෙහෙවර ගැන BBC StoryWorks Commercial Productions නිර්මාණය කළ වීඩියෝවක් ඇසුරෙන් තමයි අපි ඔබට මේ කතාව ගෙන එන්නේ.

ජලය සපයා ගැනීම පවා දුෂ්කර වූ මාරප්පලම් ගම්මානයේ දිවි ගෙවූ සුදර්ශිනීට ඇයගේ දරුවන් ද සමග උදෑසන වතුර සොයාගෙන ගොස් නැවත සවස් වරුවෙත් වතුර ගේන්න යන්න සිදු වුණා. බොහෝ දුර පයින්ම ගොස් වතුර ගෙනෙන ඇය ඉන්පසුව රැකියාවට යන්න පිටත් වෙන්නේ මේ ගෙවන දුෂ්කර ජීවිතයෙන් තම දරුවන්ව මුදවා ගැනීමේ බලාපොරොත්තු සිතේ දරාගෙන විය හැකියි.

නමුත් බ්‍රැන්ඩික්ස් සෙවණට එක් වූ ඇයට මේ දුෂ්කර දිවිය සුන්දර කරගන්න හැකි වුණා. ඒ කවදත් මනුසත්කාරයෙන් මනු දැය පුබුදුවන්නට කැපවෙන බ්‍රැන්ඩික්ස් ඇයගේ නිවැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට ළිඳක් ඉදි කර දුන් නිසා. පැය ගණනක් ඇවිද ගොස් වතුර ගේන්නට වැය කළ කාලය සහ මහන්සිය දැන් ඇයට වැය වන්නේ නැහැ.

සුදර්ශිනීගේ නිවසට ජල පහසුකම් ලබා දීමෙන් නොනැවතී බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනය ප්‍රදේශයේ තවත් බොහෝ පිරිසකට පානීය ජල පහසුකම් සපයා දුන්නා. ආයතනයේ සේවකයන් බොහොමයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බව හඳුනාගත් බ්‍රැන්ඩික්ස් ‘Care For Our Own’ නම් ව්‍යාපෘතිය ආරම්භ කර 4,500කට අධික පිරිසකට ජල පහසුකම් ලබා දුන් අතර ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මගින් ද මේ වන විට 300 දෙනෙකුට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දී තිබෙනවා. ඊට අමතරව සුදර්ශිනීගේ දියණියන් ඉගෙනුම ලබන පාසලට ද ජල පහසුකම් සපයා දෙන්න බ්‍රැන්ඩික්ස් කටයුතු කළා. පාසලේ සිසුන් සහ කාර්ය මණ්ඩලයේ 700කට අධික පිරිසකට එම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ හිමිව තිබෙනවා.

තිරසාර සංවර්ධනයට මුල් තැන දෙමින් ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් මිහිමවත්, මනු දැයත් වෙනුවෙන් ඉදිරියේදීත් කැප වී කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *