2020 වසරේ සාගර වීරවරිය - ආශා ඩී වොස්

ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූ විශිෂ්ට චරිතයක් ලෙස ආචාර්ය ආශා ඩී වොස් හඳුන්වාදිය හැකියි. සාගර විද්‍යාඥවරියක් වන ඇය ලොව ප්‍රසිද්ධ සඟරාවක් වන Scuba Diving සඟරාව විසින් 2020 වර්ෂයේ සාගර වීරවරිය ලෙස නම් කරන ලදී.

සාගර ක්ෂීරපායීන් පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි. ඇය ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන දිරිය කාන්තාවකි.

ලොව වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට ද වරක් BBC පුවත් සේවය විසින් ඇයව නම් කරන ලදී. මෙරට පළමු සමුද්‍ර සං‍රක්ෂණ හා පර්යේෂණ ආයතනය වන Oceanswell ආයතනයේ නිර්මාතෘවරිය වන්නේ ද ඇයයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වසර 40ක ඉතිහාසය තුළ එහි ඉගෙනුම ලැබූ දීප්තිමත්ම ශිෂ්‍යාවන් 20 දෙනා අතරට ඇතුළත් වන්නට ද ඇය සමත් විය.

තමාගේ ඉලක්කය වෙනුවෙන් වෙහෙසෙමින්, ඒ සඳහා ගමන් කළ යුතු මාර්ගය හඳුනාගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙන යන්නට තරම් දිරියක් ඇය සතු විය.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *