එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා - ජයන්ති කුරු උතුම්පාල

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් තරණය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවුණත් ශ්‍රී ලංකාවේ අභිමානය ලොවටම කියාපාමින් එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නට ජයන්ති කුරු උතුම්පාල නම් දිරිය කාන්තාව සමත් විය. 2016 වසරේ මැයි 21 වන දා එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට ඇයට හැකි විය. ජීවිතය පරදුවට තබා යන ගමනක් සාර්ථකව නිමා කිරීමට ඇයට එදින හැකි වූවාය.

ඇය සමගම එවරස්ට් කන්ද තරණයට යොහාන් පීරිස් ද එක් වූ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අවස්ථාවේ ඔහුට එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට නොහැකි වූව ද තම සිහිනය පසුපස හඹා යමින් 2018 වසරේදී එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට ඔහුට ද හැකි විය.

තම රට නියෝජනය කරමින් අදාළ රටවල කාන්තාවන් පළමු වරට එවරස්ට් තරණය කළ අවස්ථා අතුරින් සිව් වැනි අවස්ථාව වන්නේ ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් තරණය කළ අවස්ථාවයි.

නොසැලෙන ධෛර්යකින් යුතුව, අභියෝගාත්මක ගමනක් වූ ලොව උසම කඳු මුදුන තරණය කර ශ්‍රී ලංකා ධජය එවරස්ට් කඳු මුදුනේ ලෙළ දෙන්නට ඉඩ සැලසූ ඇය කාන්තා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් කැප වී කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියක් ද වේ.

කාන්තාවක් වීම ලොවක් දිනන්නට බාධාවක් නොවන බව පසක් කළ ඇය සමස්ත කාන්තා පරපුරටම දෙන පණිවුඩය නම් උත්සහය අත නොහැර, කාන්තාව පිළිබඳව සමාජය දරන සෘණාත්මක ආකල්පවලින් මිදී ශක්තිමත්ව අභියෝගයන්ට මුහුණ දී ජීවිතය ජයගන්නට කාන්තාවකට හැකියාව ඇති බවය.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *