සළුපිළි මවනා ඇතුගල්පුර සිරි

මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ තුළින් ඔබ වෙත ගෙන එන්නේ, ඓතිහාසික ඇතුගල්පුරයේ පිහිටි බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ කතාවයි.

බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය 2011 අප්‍රේල් 17 වන දා ආරම්භ වන්නේ බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා යන නමින්. සාමාජික සාමාජිකාවන් තුන්සිය ගණනකින් ආරම්භ වූ එම ආයතනයේ මේ වන විට සාමාජික සාමාජිකාවන් 1,100කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වෙනවා. ඒ වගේම 2021 වසරේ අග භාගයේදී ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමග බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයට යෝධ පිම්මක් තබන්නට ද හැකියාව ලැබුණා.

බ්‍රැන්ඩික්ස් ආයතන අතරින් සතුටින්ම සිටින ආයතනය ලෙස වසර 8ක් පුරාවට තේරී පත් වෙන්නත් බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයට හැකි වුණා. දැනටත් වඩා උසස් මට්ටමේ සේවාවක් රට වෙනුවෙන් ඉටු කිරීම සඳහා බ්‍රැන්ඩිස්ක් රිදීගම ආයතනය පුළුල් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතිනවා.

මනුසත්කාර සංකල්පය යටතේ ආදර්ශ ගම්මාන සඳහා ව්‍යාපෘති 51ක් මේ වන විටත් බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය විසින් නිම කරන ලද අතර පාසල්, පන්සල්, රෝහල් ඇතුළු විවිධ ආයතනවලට ද අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

ජල ව්‍යාපෘති 160කට අධික සංඛ්‍යාවක් තුළින් පිරිසිදු ජල පහසුකම් ලබා දී මනු දැය නංවන්නට උපකාරී වූ බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය ප්‍රදේශවාසීන්ගේ ද ජීවිතවලට සවියක් වෙමින් ඉදිරියට යන ආයතනයක්.