පතොක් මලක් වගේ හිනැහෙමු

අපි හැමෝගෙම ජීවිතවලට වසන්තය වගේම ඉඩෝරයත් එනවා. ඒ හැම කාලයක්ම උපේක්ෂාවෙන් දරාගන්න පුළුවන්කම තියෙනවා නම් විතරයි ජීවිතය දිනන්න පුළුවන් වෙන්නේ. හරියට පතොක් පැළ ඉඩෝරය දරාගෙන ලස්සනට මල් පූදින්න ඉඩෝරයට හැඩගැහෙනවා වගේ අපිත් අපේ ජීවිතයේ විවිධ කාලවලට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න ඕන.

පතොක් හැදෙන්නෙ කටුක පරිසරවල. කටු පිරුණු පතොක් ගහකට කවුරුත් කැමති වෙන එකක් නැහැ. ඒත් ඒ පතොක් ගහ ජීවිතයට පාඩමක් කියලා දෙනවා. ඒ වගේ අපිත් හුරුවෙන්න ඕන දුෂ්කර කාල ජීවිතේට ආවම මේක අපේ කරුමෙ කියලා හිතන්නෙ නැතුව ඒ කාල සීමාවේ අපේ අරමුණු වෙනුවෙන් නිහඬව කැපවෙන්න. ඔයාගේ ජීවිතේ ලස්සන හීන තියෙනවා, ඒ වගේම මේ මේ කාලවලදි ළඟා වෙන්න ඕන කියල හිතන් හිටිය අරමුණු ඇති. දුෂ්කර කාලවලදි ඔයා වටේ ඉන්න හැමෝම කඩා වැටිලා හිටියත්, අසුබවාදී දේවල් කිව්වත් ඔයා පුරුදු වෙන්න සුබවාදීව හිතන්න. ඉවසල ඉවසල බැරිම තැන තමයි ඉවසන්න ඕනම තැන. ඔයාගේ හීන සැබෑ වෙන්න නම් ඒ ඉවසීම ඕනමයි.

මේ ලෝකේ සදාකාලිකයි කියලා කිසිම දෙයක් නැහැ. ඒ නිසා ජීවිතේට එන ඉඩෝරයක් වුණත් තාවකාලිකයි. ඒක තේරුම්ගන්නවා නම් ඔයාට පුළුවන් අනිත් හැමෝම අතරෙ විශිෂ්ටයෙක් වෙන්න. ඔයා මොනව හරි අලුතෙන් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒකට අවශ්‍ය දැනුම හොයන්න ඔයාගෙ කාලය වෙන් කරන්න. ඒ අලුත් වැඩේ වෙනුවෙන් සැලසුමක් හදන්න. ඒකෙදි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද, ඒවට දෙන්න පුළුවන් විසඳුම් මොනවද වගේ දේවල් දැන්ම ඉඳල හිතන්න පටන් ගන්න. එතකොට ඉඩෝර කාලය ඉවරවෙනකොටම ඔයාට පුළුවන් ඔයාගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න. හරියට අව්ව, වැස්ස හැමදේම දරාගෙන දූවිලි කුණාටු මැද පවා ලස්සන පතොක් මල් පිපෙනවා වගේ ඔයත් ශක්තිමත්ව ඉන්න. ඔයා දැකල ඇති පතොක් ගහ කටු ගොඩක් එක්ක තිබුණට පතොක් මල් මොන තරම් ලස්සන ද කියලා.

ඔයාගේ ජීවිතේ අසීරු කාලවලදි සුබවාදීව ඉන්න. එතකොට වසන්ත කාලය එනකොට පතොක් මලක් ලස්සනට විකසිත වෙනවා වගේ හිනාවෙන් ජීවිතය පුරවාගන්න ඔයාට පුළුවන්.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *