සීතාවකපුර අබිමන් රන්දන බ්‍රැන්ඩික්ස් නාමය

මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහන තුළින් අපි ඔබ වෙත ගෙන එන්නේ සීතාවක පුරවරයේ අභිමානයෙන් විකසිත වූ බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ කතාවයි.

සීතාවක ආයෝජන කලාපය මූලික කරගනිමින් බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය 1999 වසරේදී ආරම්භ වූ අතර වර්තමාන ස්ථානයට බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය රැගෙන එනු ලැබුවේ 2000 වසරේ මාර්තු මාසයේදී. වෙනත් ස්ථානයකට ආයතනය රැගෙන ඒමත් සමග ෆීනික්ස් ක්ලෝතින් යන නව නාමය සමග සිය ගමන වෙනස් මුහුණුවරකින් ආරම්භ කරන්නට බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයට හැකි වුණා. මුල් කාලයේදී බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා පර්ෂදයට අනුයුක්තව තිබූ ආයතනය 2015දී ෆාස්ට් ෆැෂන් පර්ෂදයේ මෙහෙයුම් නිම වන ආයතනයක් ලෙස නාමකරණය වුණා.

පිබිදුණු විසඳුම් ලොවටම ලබා දෙමින් ජයග්‍රාහී මාවතක පැමිණි බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයට 2009 සුවිශේෂ වසරක්. ඒ 5S ක්‍රමවේදය ආයතනය තුළ ස්ථාපිත කළ පසු ජාතික 5S රන් සම්මානය දිනා ගැනීමට ආයතනය සමත් වීම නිසයි. මීට අමතරව බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යයේ විවිධ ඉසව්වලදී තම ආධිපත්‍යය පතුරවන්නට ද බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය සමත් වුණා. රසදිය මංගල්‍යයේ නර්තන තරුව ඉසව්වට අවස්ථා තුනකදී පමණ ප්‍රථම ස්ථානය දිනා ගන්නත්, දෙවරක් අනුශූරතාව දිනාගන්නත් ආයතනය සමත් වුණා.

සාමාජික සාමාජිකාවන් 20 දෙනෙකුගෙන් ආරම්භ වූ ආයතනයේ වර්තමානය වන විට 2000ක පමණ පිරිසක් සේවයේ නියුතු වෙනවා. මනුසත්කාරය තුළින් සාමාජික සාමාජිකාවන්ගේ පානීය ජල ගැටලු සඳහා විසඳුම් ලබා දෙමින් ද ප්‍රදේශයේ පාසල්, ආගමික ස්ථාන සහ රජයේ ආයතන සඳහා සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් ලබා දෙමින් ද ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය සීතාවක පුරවරයට අභිමානයක් ගෙන එන ආයතනයක්.