ගම්මානයේ මිහිරියාව

වනරොද තුළින් ඇදෙනා පොඩි              කුරුල්ලනේ
සුන්දර ගමකි පිහිටා ඇති යසට                         අගේ
ගමනකි යන්න වෙල් යායක් මැදින්                   දිගේ
පිහිටා ඇති ගෙයකි ලියනා තරුණ                    මගේ

සොඳුරුයි සුන්දරයි සුසුවඳ දෙවන                     කුසුම්
සීතයි සිහිලසයි හමනා සුළඟ                           නැවුම්
නිම් නොම වේය කීමට ඇති නොයෙක             කියුම්
වදනක නොමැත කියනට තතු රසැති                යෙදුම්

සොඳුරු ලියක මුව සරසන                               හසරැල්ල
විලසක ඇයම ඉඟ නළවන                             නැළවිල්ල
ඉවතක නොයා හදවත සහ                           මනලොල්ල
නිහඬව වැටෙයි හඳපානාගල                                 ඇල්ල

නෙත් සිත් සනසවා දුක් ගිනි                        නිමවෙන්න
මොහොතක වුවත් ඒ සැනසුම                         විඳගන්න
හැකි නොම වුවොත් ඔබ හට මෙහි            පැමිණෙන්න
මේ කවි කියා සිත සුවපත්                              කරගන්න

බී.කේ.ඩී. ලක්ෂිකා පමුදිනී
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *