දිරියෙන් සවියෙන් ජන දිවි නංවන බ්‍රැන්ඩික්ස් මීරිගම

ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මිකව සශ්‍රීක වූ සුන්දර පෙදෙසක පිහිටි බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය දේශීය ආර්ථිකය නංවාලීමට මහත් වූ දායකත්වයක් ලබා දෙන ආයතනයක්. මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහන තුළින් ඔබ හමුවට ගෙන එන්නේ බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ කතාවයි.

මීරිගම ප්‍රදේශයේ වැඩිම රැකියා උත්පාදක ඇඟලුම් ආයතනය ලෙසින් එම ප්‍රදේශයට විශාල ශක්තියක් වූ බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය ලෝලුවාගොඩ අපනයන සංවර්ධන කලාපයේ ප්‍රමුඛයා ලෙස ද විරාජමානව වැජඹෙනවා. ආයතනයේ සිටින දක්ෂතාවලින් පිරිපුන් සාමාජික සාමාජිකාවන් සිය විශිෂ්ටත්වය බ්‍රැන්ඩික්ස් කුමර කුමරියන්ගේ මෞලි මංගල්‍යය වූ බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යයේදී විදහා දක්වමින් බ්‍රැන්ඩික්ස් සමූහය තුළ සිය ආයතනයේ අභිමානය කියාපෑමට සමත් වී තිබෙනවා. ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතාවලට වේදිකාවක් නිර්මාණය කරමින් ඔවුන්ට සුහදශීලි වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය කටයුතු කර තිබීම විශේෂත්වයක්.

හරිත තිරසර තුළින් මිහිමවත්, මනුසත්කාර තුළින් මනු දැයත් නංවාලීමට ක්‍රියාකරන බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය සමාජ සුභසාධනය සහ පරිසර සං‍රක්ෂණය යන දෙයාකාරයෙන්ම සිය වගකීම් සහ යුතුකම් රට වෙනුවෙන් ඉටුකරන ආයතනයක්.