සොබාදම

මැලවිච්ච මල් පොකුරු
බිම බලන් ඉන්න කොට
සත්තකින් මං හිතුවෙ
හිරු තමයි සැර වැඩිම
කුඩු පින්න වැටුණාම
කඩුපුලක් පිපෙන කොට
ඇත්තටම මං හිතුවෙ
සඳ තමයි සීතලම

මූසලම උලමෙකුත්
විලාපෙන් අඬන කොට
සත්තමයි මං හිතුවෙ
රෑ තමයි බියකරුම
ඉරි තළපු බිම මතට
වැහි පොදක් වැටෙන කොට
සත්තකින් මං හිතුවෙ
වැහි තමයි සුන්දරම

රෑ දිවා එකින් එක
මිනිස්කම් දකින කොට
තමයි මට තේරුණේ
වෙනස් වෙන ලොවක් ගැන
එහෙව් රුදු එවුන් මැද
සිනහවෙන් දරන්නට
හැකි යමක් තිබේ නම්
ඒ තමයි “සොබාදම”

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *