ජීවිතවලට ජීවය දෙන බ්‍රැන්ඩික්ස් අපේකම

ජීවිතයකට ජීවයක් ලබා දීම උතුම් පුණ්‍ය ක්‍රියාවක්. බ්‍රැන්ඩික්ස් අපේකමෙන් පිරුණු මනුෂ්‍යත්වයට හැකි වුණා වසර ගණනාවක් පුරා ජීවිත දහස් ගණනකට ජීවය දෙන්නට. ඒ නිසාම වසර 10ක් පුරා අඛණ්ඩව පෞද්ගලික අංශයේ වැඩිම රුධිර දායකයා ලෙස පිදුම් ලබන්නට බ්‍රැන්ඩික්ස් සමූහයට හැකි වුණා. මනු දැයට ජීවය දෙමින් රුධිරය අවැසි මිනිසුන් වෙනුවෙන් මේ කරනා මෙහෙය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇගයීමට ලක් වූයේ බ්‍රැන්ඩික්ස් අපේකමේ අභිමානය සැමටම කියා දෙමින්.

බ්‍රැන්ඩික්ස්හි පිබිදුණු සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව වසර 13ක කාලයක් පුරා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිර ඒකක 36,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරන්නට මනු දැය පුබුදුවාලන බ්‍රැන්ඩික්ස් සමූහය සමත් වුණා. 2016, 2017 සහ 2018 වසරවල මෙරට සෑම රුධිර දායකයන් සියයකගෙන් එක් අයෙක් සාඩම්බර බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයෙක්. ජීවිතයක් සුරක්ෂිත කිරීම සැබැවින්ම මිල කළ නොහැකි සේවයක්.

බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතන අතරින් බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනය සහ බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනය වැඩිම රුධිර ඒකක ප්‍රමාණයක් පරිත්‍යාග කළ ආයතන ලෙස මේ වන විට ඉදිරියෙන්ම සිටිනවා. රටට දැයට හිතැති මිනිසුන් වන අපගේ යුතුකමක් ලෙස සලකා සාරධර්මවලින් පෝෂණය වූ පිබිදුණු මිනිසුන් සමග දශකයකට අධික කාලයක් මෙලෙස පවත්වාගෙන ආ රුධිරය පරිත්‍යාග කිරීමේ ජාතික මෙහෙය ඉදිරියටත් සිදු කිරීමට බ්‍රැන්ඩික්ස් බලාපොරොත්තු වෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *