කණ්ඩායම් හැඟුමෙන් ප්‍රබෝධය කරා...

නිරෝගී, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වෙනවා. සිරුරට ලැබෙන ප්‍රබෝධවත් බව, ක්‍රියාශීලී බවට අමතරව ක්‍රීඩාව තුළින් අපගේ මානසික සෞඛ්‍යය ද ඉහළ නැංවෙනවා. ඒ වගේම තමයි කණ්ඩායම් ක්‍රීඩා තුළින් එකිනෙකා අතර සුහදතාව වර්ධනය, කණ්ඩායම් හැඟීම් වර්ධනය ආදියත් සිදු වෙනවා. බ්‍රැන්ඩික්ස් අපේකමෙන් පන්නරය ලැබූ බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනයේ විධායක මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් එක්ව පසුගිය දා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළ අතර එය සියලු දෙනාට නැවුම් බවක් ගෙන ආ තරගාවලියක් වුණා.

ඉතාමත් තරගකාරී තරග වට හතරකින් පසුව අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ කාර්මික අංශය සහ මානව සම්පත් අංශය යන අංශ දෙකයි. උණුසුම් තරගයකින් පසු තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගන්න කාර්මික අංශය සමත් වුණා.

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලොවටම පිබිදුණු විසඳුම් ලබා දෙන බ්‍රැන්ඩික්ස් සිය සාමාජික සාමාජිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රබෝධවත්ව තබමින් ඔවුන්ගේ ජීවිතවලට වෙනසක් එක් කරන්න සැමදා කටයුතු කළා. බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ මනසට ප්‍රබෝධයක් ගෙන දෙමින් ආයතනයේ අංශ අතර සබඳතා ශක්තිමත් වීමට ද මෙම ක්‍රීඩා තරගය ඉවහල් වුණා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *