රැකියාවත් හැකියාවත් ජයගත් දිනන දියණිය

බ්‍රැන්ඩික්ස් ආයතනය පිබිදුණු විසඳුම් ලොවට දායාද කරනවා වගේම පිබිදුණු මිනිසුන් බිහි කරමින් ඔවුන්ගේ ජීවිත නව මාවතකට යොමු කරන තක්සලාවක්. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඕනෑම අයෙක්ට රාජකාරි ජීවිතයෙන් එහාට ගොස් තමන් ප්‍රාර්ථනා කළ චරිතය වෙන්නට අවස්ථාව ලැබී තිබෙන බවට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහන තුළින් ඔබ හමුවට එන්නෙත් එවන් චරිතයක්. ඇය බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ මානව සම්පත් විධායක නිලධාරිනී බුද්ධිකා කාරියවසම්.

“රැකියාවක් හොයාගෙන බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයට ආව මට නිවේදිකාවක්, ලේඛිකාවක් වෙන්න පාර හොයලා දුන්නේ බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය. මගේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න, ජීවිතය ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ මේ ආයතනයෙන්. සාරධර්මවලින් පිරිපුන් පිබිදුණු මිනිසුන් ඉන්න අපේ ආයතනය තුළින් මම මගේ ජීවිතයේ පන්නරය ලබා ගත්තා. රැකියා ජීවිතය වගේම මගේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න මට හැකියාව ලැබුණෙ මේ විශ්වවිද්‍යාලය තුළින්.

පාසලේදී කථික තරගවලට සහභාගී වෙලා කථිකත්වය දියුණු කරගත්ත මට කවදාවත් නිවේදිකාවක් වෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නෑ. හැබැයි බ්‍රැන්ඩික්ස් අපේ ආයතනය තුළ ඒ දක්ෂතාව එළි දක්වන්න තෝතැන්නක් හදලා දුන්නා. 2018 වසරේ රසදිය නිවේදන තරුව විදියට මට ජයග්‍රහණය ලබන්න හැකි වෙන්නේ ඒ තෝතැන්නෙන්.

රැකියාවක් කරන අතරතුර ලේඛිකාවක් වෙන්න කවදාවත් මම හිතුවේ නැහැ. නමුත් ඒකට අවස්ථාව මට බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ හිමි වුණා. ඒ වියමන් සඟරාව තුළින්. වියමන් සඟරාවට නිතර ලිපි ලියපු මට වියමන් පර්ෂද සම්බන්ධීකාරවරියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න මට වියමන් කතු මඬුල්ලේ අවස්ථාව හිමි වෙන්නේ මම නොසිතූ විදිහට.

නුපුහුණු සාමාජිකයෙක් විදියට මානව සම්පත් අංශයට සම්බන්ධ වන මම රැකියා ජීවිතයේ අත්දැකීම් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙන්නේ මේ ආයතනය තුළින්. ජීවිතය කියන්නේ අභියෝගවලින් පිරුණු තැනක්. අභියෝග ජයගන්න ශක්තිය අපි හැමෝම සතුව තියෙනවා. ඒ ශක්තිය ඔබ හඳුනාගන්න. ඔබටත් ජීවිතය ජයගන්න හැකියාව ලැබෙයි, ප්‍රබෝධවත් මිනිසෙකු ලෙසින්.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *