සුරක්ෂිත දැයක් පිබිදෙන හෙටක්

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලොවටම පිබිදුණු විසඳුම් දෙන බ්‍රැන්ඩික්ස් සමූහය අවශ්‍ය සෑම අවස්ථාවකම රටට ශක්තියක් වෙන්නට නොපැකිළව ඉදිරිපත් වන ආයතනයක්. මෙම අවස්ථාවේ අප රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ අපේම රටේ ජනතාවට සවියක් වීමට බ්‍රැන්ඩික්ස් තීරණය කළේ ඒ නිසයි. රට තුළ මතුව ඇති ආහාර සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ලබා දී සාර්ථකව එම ගැටලුවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග බ්‍රැන්ඩික්ස් අපත් පසුගිය දා එක් වුණා.

මෙම අවස්ථාවේ අපේම මිනිසුන් වෙනුවෙන් පෞද්ගලික අංශය ලෙස අපට කළ හැකි උපරිමය කිරීමටයි අප කටයුතු කරන්නේ. මෙරට පවතින වෛද්‍ය උපකරණ හා ඖෂධ හිඟය සහ ආහාර අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අවධානය යොමු කර ඇති අතර එයින් මිදීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට බ්‍රැන්ඩික්ස් අප මෙන්ම පෞද්ගලික අංශයේ තවත් ආයතන එක් වුණේ සුරක්ෂිත හෙටක් අප රටේ පුරවැසියන්ට ලබා දීම පෞද්ගලික අංශයේ අපගේ යුතුකමක් සහ වගකීමක් ද වන නිසයි. මනුසත්කාර ව්‍යාපෘති තුළින් ද අපට හැකි උපරිමයෙන් මනු දැය නංවාලීමට අප කටයුතු කරන්නේ එනිසයි.

ආයතනයක් ලෙස අපි ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ජයග්‍රහණ හිමි කර ගත්තා සේ රටක් ලෙස සියලු දෙනා මේ මොහොතේ ජය ගත යුතු බව අපගේ හැඟීමයි. පිබිදුණු මිනිසුන් සමග ප්‍රබෝධවත් මනු දැයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් අද මෙන්ම හෙටත් අඛණ්ඩව කැපවීමට බ්‍රැන්ඩික්ස් අප කටයුතු කරනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *