අභියෝග දිනන මාවත P.A.C.E.

රැකියාවක නියැළෙන ඔබ දන්නවා රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන එක තරමක් අසීරු කාරණාවක් කියන එක. ඔබ රැකියාව කරන ගමන් ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් නම් හෝ රැකියාවට අමතරව තවත් යම් දෙයක නියැළෙන කෙනෙක් නම් හෝ විවාහක නම් ඔබ දන්නවා ඔබේ කටයුතු සහ පවුලේ වගකීම් ද කරට අරගෙන සිටින ඔබ කොතරම් අපහසුතා මැද ද රැකියාව සමග ඒ හැමදේම කරගන්නේ කියන එක. මේ අභියෝගය ජයගෙන රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන්න අත්වැලක් වීමට බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය විසින් එහි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් P.A.C.E. වැඩසටහන පැවැත්වූවා.

එම ආයතනයේ පැවති P.A.C.E. වැඩසටහනෙහි පුහුණු කටයුතු සාර්ථකව නිමා කරන්නට සාමාජිකාවන් 30 දෙනෙකු සමත් වූ අතර නවක සාමාජිකාවන් 90 දෙනෙකුට අධික පිරිසක් පුහුණුව සඳහා පසුගිය දා එක් වීමත් සිදු වුණා. බ්‍රැන්ඩික්ස් මූලස්ථානයේදී කළමනාකාරීත්වයේ ද සහභාගීත්වයෙන් මෙම කටයුතු උත්සවාකාරයෙන් සිදු කළ අතර සාමාජික සාමාජිකාවන්ගේ ජීවිතවලට පන්නරයක් වීමට මෙය ඉතා හොඳ අත්වැලක් වන බව නොඅනුමානයි.

P.A.C.E. වැඩසටහන ක්‍රියාවට නැංවුණේ 2012 වර්ෂයේදීයි. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය දිවිය මෙන්ම පෞද්ගලික ජීවිතයත් සමබරව පවත්වාගෙන යාමට මාර්ගෝපදේශ සැපයීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන අතර මේ වන විටත් සාමාජික සාමාජිකාවන් 4,000කට අධික පිරිසක් P.A.C.E. වැඩසටහන මගින් ප්‍රතිලාභ ලබා තිබෙන බව සිහිපත් කරන්නේ අභිමානයෙන්.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *