බ්‍රැන්ඩික්ස් බැබළවූ ස්කොෂ් තරු

බ්‍රැන්ඩික්ස් අපේකමේ අභිමානය ලොවටම කියන්නට රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් ස්කොෂ් ශූරයන් දෙදෙනා පසුගිය දා සමත් වුණා. ඒ එංගලන්තයේ පැවති ස්කොෂ් තරගාවලි දෙකකදී විශිෂ්ට දස්කම් දැක්වීමට මෙම ක්‍රීඩකයන් දෙදෙනා සමත් වූ නිසයි.

ජූනි 17 වන දා සිට 19 වන දා දක්වා පැවති එංගලන්තයේ Mote ස්කොෂ් සමාජ විවෘත PSA තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගැනීමට රවිඳු ලක්සිරි ක්‍රීඩකයාත්, පස් වන ස්ථානය දිනා ගැනීමට ශමීල් වකීල් ක්‍රීඩකයාත් සමත් වුණා. මෙහි විශේෂත්වය වන්නේ PSA තරගාවලියක අවසන් වටය සඳහා තරග කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නට රවිඳු ලක්සිරි සමත් වීමයි.

මීට අමතරව ජූනි 24 වන දා සිට 26 වන දා දක්වා එංගලන්තයේ Exeter Golf and Country ස්කොෂ් සමාජය විසින් පැවැත්වූ තරගාවලියේදී පළමු ස්ථානය දිනා ගැනීමට රවිඳු ලක්සිරිට හැකි වුණා. ශමිල් වකීල් එම තරගාවලියේදී 9 වන ස්ථානය දිනාගත් අතර බ්‍රැන්ඩික්ස් අභිමානය ලොවටම පෙන්වන්නට ඔවුන් සමත් වුණා. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ පළමු ස්ථානය දිනාගනිමින් PSA තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නට රවිඳු ලක්සිරිට හැකි වීමයි.

බ්‍රැන්ඩික්ස් අපේකමේ විශිෂ්ටත්වය ලොවක් හමුවේ තැබූ රවිඳු ලක්සිරි සහ ශමීල් වකීල් ක්‍රීඩකයන් දෙදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *