“පිබිදුණු සමාජයක් බිහි කරන්න අපිට පුළුවන්”

අපිට ජීවන චාරිකාවේ විවිධ අවස්ථා එනවා ජීවිතය වෙනස් මාවතකට යොමු කරන්න සිදු වෙන. අපිට පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක ආත්ම විශ්වාසයෙන් යුතුව තීරණයක් අරන් වෙනසක් කරන්න අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්. වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට එක් වුණේ ජීවිත ගමන ඒ ආකාරයෙන් වෙනස් කරගෙන සාර්ථක ගමනක් යන චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ මානව සම්පත් කළමනාකරු ප්‍රියංක වීරසිංහ මහතා.

“2010 වසරේ මට තීරණයක් ගන්න සිදු වුණා මම ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යනව ද එහෙම නැත්නම් වෙනත් වෘත්තියකින් ඉදිරියට යනව ද කියලා. ඒ අවස්ථාවේදී මම තීරණයක් ගත්තා මම වෘත්තිය පැත්තෙන් ඉදිරියට යනවා කියලා. මූලික අධ්‍යාපනය ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් ලබා ගත්තේ. උසස් අධ්‍යාපනය සඳහා මම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

අද මම වෘත්තිය වශයෙන් මානව සම්පත් කළමනාකරුවෙකු වුණාට මම එදා දක්ෂ මලල ක්‍රීඩකයෙක්. පාසල් මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට, මගේ ගමට ජයග්‍රහණයන් මට ඒ වෙන කොට ගේන්න ලැබුණා. ඒ අතරින් 2006 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලෝක විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවට සහභාගී වීම තමයි මගේ ජයග්‍රහණ ගැන සිහිපත් කරද්දි හැමවිටම මට මතක් වෙන්නේ.

මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වූවාට පසු මට රැකියාවට එහා ගිය සේවයක් සමාජයට කරන්න, මේ ආයතනයට කරන්න ලොකු පන්නරයක් ලැබුණා. අපේ ආයතනයේ සහෝදර සහෝදරියන්ගේ වෘත්තීය නිපුණත්වය සහ පෞද්ගලික අභිවෘද්ධිය දියුණු කිරීම තමයි අපේ ඒකායන අරමුණ වෙලා තියෙන්නේ. ආයතනයක් ලෙස අපිට එය කරන්න පුළුවන් වෙනවා නම් ඒ තුළින් අපිට පුළුවන් පිබිදුණු සාමාජික, සාමාජිකාවන් බිහි කරන්න වගේම පිබිදුණු සමාජයක් බිහි කර ගන්න.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *