රමණීය වියමනක නිවිතිගල අබිමන

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිබත්ගල කන්ද පාමුල සුන්දර පෙදෙසක පිහිටි බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ කතාවයි මෙවර වියමන් TV “ආයතනයක කතාවක්” තුළින් ඔබ හමුවට ගෙන එන්නේ.

වර්ෂ 1993දී ආරම්භ වූ එම ආයතනය 2008 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් නමින් නාමරකණය වූ අතර වර්තමානය දක්වා ජයග්‍රාහී ගමනක් එන්නට ද ආයතනය සමත් වුණා. ප්‍රදේශයට අභිමානයක් වූ බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ වර්තමානය වන විට සාමාජික සාමාජිකාවන් 1,400කට අධික පිරිසක් රාජකාරියේ නිරත වෙනවා. ආයතනයේ සේවය කරන සාමාජික සාමාජිකාවන්ගෙන් විශාල පිරිසක් ආයතනය අවටම ප්‍රදේශවාසීන් වන අතර ප්‍රදේශයේ ජීවත් වන පිරිසගේ ආර්ථිකය නංවාලීමට විශාල මෙහෙයක් බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය මගින් ඉටු වෙනවා.

බ්‍රැන්ඩික්ස් සමූහය කවදත් රටේ පුරවැසියන් වෙනුවෙන් මනුසත්කාර තුළින් සිය යුතුකම් ඉටු කර මනු දැය නංවාලීමට කටයුතු කරනවා. ඒ අනුව යමින් බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය ද මේ වන විට මනුසත්කාර ව්‍යාපෘති 134ක් පමණ සිදු කර අවසන්.

අසීරු කාලවලදී පවා සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ද අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරමින් ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් තනා දෙන්නට බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය කටයුතු කළා. වෘත්තියෙන් ඉහළට යාම සඳහා පුහුණු වැඩසටහන් පවත්වා සාමාජික සාමාජිකාවන්ව දිරි ගැන්වීම පිළිබඳව ඔවුන් ද සිහිපත් කරන්නේ ඉතා පැසසුම් සහගතවයි.