පළඟැටියො

පහන් දැල්ලට පෙම් බඳින ඔය
පළඟැටියො මේ අසාපන්නේ
නිහඬ වී තව ලොවට කන් දී
දෑස් නුඹගේ වසාපන්නේ
පරණ පෑරුණු හිත් දෙකක් ඇති
උඩම තට්ටුවෙ පොත් රාක්කේ
ළං වුණොත් දූවිල්ල සැර වෙයි
දුරින් හිඳ එය හොයාපන්නේ

මුල්ම පිටුවේ හිනා පිරිලා
දෑත් අල්ලන් ඉන්න අයුරූ
පෙරවදන ඇගේ නමට ලියලා
තියෙනවා ඇති ඇදට අකුරූ
මැදට යද්දී හිස් පිටුත් ඇති
ලියා ගන්නට බැරිව රිදුණූ
පසුවදන ළඟ කොමාවක් ඇති
ඇයගේ කොටසට කෙරුව ඉතුරූ

හිතේ අස්සක හංගගෙන හුන්
විරහවේ දුක් වේදනාවන්
හිනාවුණේ ඈ ඉන්න අබියස
කෙලෙසදෝ එය දන්නෙ නෑ මං
මගේ සොඳුරිය යළි නොඑන බව
පිළිගන්න නම් කැමති නෑ මං
සොහොන මත මල් මිටක් තියලා
මහ පොළොව වගේ දරාගන්නම්
 
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *