රට වෙනුවෙන් පීදෙන මනුසත්කාරය

පිබිදුණු විසඳුම් තුළින් ඇඟලුම් ක්ෂේත්‍රය ජය ගත් බ්‍රැන්ඩික්ස් එම කටයුතුවලින් ඔබ්බට ගොස් රටට සවියක් වෙන ආයතනයක්. එම සාඩම්බර බ්‍රැන්ඩික්ස් පවුලේ නවතම වැඩසටහන තමයි කෘෂි සංග්‍රාමය. රට වෙනුවෙන් පීදෙන මනුසත්කාරයේ අස්වැන්න වන කෘෂි සංග්‍රාමය ආරම්භ වන්නේ ඉදිරියේදී රට තුළ ඇති විය හැකි යැයි කියන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස සහ අපේම මිනිසුන්ගේ ආර්ථිකයට සවියක් වීමේ උදාර අරමුණු පෙරදැරි කරගෙනයි.

මෙහිදී දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි අක්කර 500කට වඩා වැඩි බිම් ප්‍රමාණයක වගා කටයුතු සිදු කිරීමට නියමිතයි. රට සරුසාර කරන මෙම වැඩසටහනේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග එක්ව වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර එහිදී වගා කටයුතු සඳහා ගොවි මහතුන්ට බීජ සහ පොහොර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සිදු කෙරෙන වගා ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වෙනවා. අපගේ සාමාජික සාමාජිකාවන්ට ගෙවතු වගා සිදු කිරීමට අවශ්‍ය බීජ සහ විශේෂඥ සහය ලබා දීම ද මෙම වැඩසටහන තුළින් සිදුවන තවත් සත්කාරයක්.

රට වෙනුවෙන් පීදෙන මෙම මනුසත්කාරයේ අස්වැන්න වෙනුවෙන් රාජ්‍ය ආයතන අප සමග සම්බන්ධ වී කටයුතු කරනවා සේ ඉදිරියේදී පෞද්ගලික අංශයේ ආයතන ද අප හා එක් වීමට නියමිතයි. ඊට අමතරව කෘෂිකර්මය සම්බන්ධ විශේෂඥ දැනුම සහිත සම්පත්දායකයින් ද අප සමග සම්බන්ධ වී සිටිනවා. දිගුකාලීන රැකියා අවස්ථා සහ අමතර ආදායම් උත්පාදනය කරමින් සරුසාර හෙට දිනයක ඵල නෙළා ගන්නට අපේම රටේ පුරවැසියන්ට අවස්ථාව සලසා දීමත් මෙම අගනා සත්කාරය තුළින් සිදු වෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *