අම්මාට...

ලස්සන ද රෑ අහස
තරු හුඟක් පෑව්වම
පාන්දර මීදුම ද සීතලයි අද නේද
අම්මේ නුඹ මං ළඟ ද
මුමුනන්නේ ගී නේද

පාන්දර කිරි කට්ටි කවුද කපලලු නේද
ඒ ආපූ වාහනේ ගේ දැක්කේ නෑ නේද
කවුද ඒ කෑගැහුවේ වත්තේ උන්නැහේ නේද
අම්මේ මේ අහන්නකෝ ඔයා අඬනව නේද
බෙල් මැෂිම හරි ගණන් අපිට හිමි නෑ නේද
දානේ හෙට පන්සලට ගෙනියන්න නෑ නේද
පොඩි සාදු තරහ නෑ කියල කිව්වා නේද
අප්පච්චී නැතිව ගේ මූසලයි වගේ නේද

කිතුල මුල අප්පච්චි කීව දේ අමතක ද
තුන් මාසේ ඕනේ නෑ කීවේ බොරුවට නේද
මගෙ ඇස් නැති වුණේ මගේ කරුමෙට නේද
අම්මා ඔය අඬන්නේ මං හින්ද නෙවේ නේද

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *