ආදර පුතණුවනි

හිත පිරෙන්න රස මසවුළු
නුඹේ කුසට නැති වුණාට
පොතක් පැන්සලක් ගන්නට
කාසි පණම් නැති වුණාට

හැඩට අඳින්නට පලඳින්නට
විසිතුරු පිළි නැති වුණාට
දහිරිය දෙන්නම් මා පුතුනි
දෙපයින් නිසි සිට ගන්නට

කහට වැටුණු අවපැහැ වුණු
සුදු ඇඳුමින් හිනැහෙන විට
කහට උගුර බඩ පුරවා
අකුරට පිය මනිනා විට

අඩක් සිඳුණු කුසගින්නේ
පිළ උඩ කවි කියනා විට
සත්තයි පුතුනි ඉනුවා
උණු කඳුළැලි මගේ දෑසට

ගත දහඩිය හිතේ සවිය
යකඩ මැෂිම මතට යෙදුණු
සහනය විය පුංචි පුතේ
නුඹ හට තව සවිය දෙන්න

හෙට දින ලොව නිසි දිනන්න
ශිල්ප සතර නිසි ලැබගෙන
දිරිය ගනින් පුංචි පුතේ
ජීවිතයම ජය ලබන්න

මාලනී තෙන්නකෝන්
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *