“නිවැරදිව තීරණ ගන්න”

ජීවිතයේ සමහර අවස්ථාවල අපිට සිදු වෙනවා විවිධ තීරණ ගන්න. ඒ අවස්ථාවල අපිට නිවැරදි තීරණ ගන්න පුළුවන් නම් ජීවිතය විසින් ඉලක්කවලට යන්න නිසි මාර්ගය අපට පෙන්වනවා. නිවැරදි තීරණ නිසි අවස්ථාවේදී අරගෙන ජීවිතය ජය ගත් බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ මානව සම්පත් කළමනාකරු ශෂී රාජපක්ෂ මහතා වෙනුවෙනුයි මෙවර වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනේ ඉඩ වෙන් වුණේ.

“වෛද්‍යවරයෙක් වෙනවා කියන සිහිනය තමයි පුංචි කාලේ ඉඳලම තිබුණේ. ඒකට උනන්දු වෙලා සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වෙනවා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්නම් කියලා හිතාගෙන පන්තිවලට යද්දි තේරුණා මට මේක දැනෙනවා අඩුයි, තේරෙනවා අඩුයි කියලා. ජීවිතේ තීරණයක් ගන්න වෙන අවස්ථාවක් ඒක. ඊට පස්සේ වාණිජ විෂය ධාරාවෙන් ඉදිරියට යන්න තීරණය කළා. මම වාණිජ අංශයෙන් ඉහළින්ම සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා.

මම මානව සම්පත් අංශයෙන් ඉස්සරහට යන්න තීරණය කළා. ඒකට පොතේ දැනුම විතරක් තිබිලා මදි, ප්‍රායෝගික දැනුමත් එකතු කරගන්න ඕන කියලා මට තේරුණා. මම බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයට ඉන්ටර්න් කෙනෙක් හැටියට සම්බන්ධ වෙනවා. එදා ඉඳන් බ්‍රැන්ඩික්ස් ගමන් මඟේ ඉදිරියට ආව කෙනෙක් මම. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළාට පස්සේ කාර්ය මණ්ඩල නිලධාරියෙක් හැටියට බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනයට සම්බන්ධ වුණා. විධායක නිලධාරියෙක් විදියට උසස් වෙනවා, ඉන්පස්සේ අවිස්සාවේල්ල 01 ආයතනයට සම්බන්ධ වෙනවා. ජ්‍යේෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට උසස් වෙලා බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනයට එන්න ලැබෙනවා මට. ඉන්පස්සේ සහකාර මානව සම්පත් කළමනාකාර කෙනෙක් විදියට උසස් වෙනවා. මේ අවුරුද්දෙදි මම මානව සම්පත් කළමනාකරු විදියට උසස් වෙනවා.

තමන් තමන්ව අඳුනගන්න. ඉලක්කයකට වැඩ කරන්න. තීරණ ගන්න කොට නිවැරදි තීරණ ගන්න. මට ජීවිතේ ජයගන්න හැකියාව ලැබුණේ නිවැරදි තැනදි නිවැරදි තීරණ ගත්ත නිසා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *